අවරුද පටන් ගත්ත විදියට අපි හිතන දේවල් ඒවිදියට කිරීමට හැකිනම් ජීවිතේ යනු කොතරම් අගනා නිර්මාණයක්ද .නමුත් අවාසනාවකට සැබෑ තත්වය එසේ නොවේ සහෝදරවරුනි.සරල උදාහරණයක් ලෙසේ මේ කුඹුක් සෙවනෙහි වසර ආරම්භක බ්ලොග් සටහන කියවන්න එහි ඇති ලෙසට මට මෙම බ්ලොග් සටහන යාවත්කාලින කිරීමට නොහැකි විය රැකියාවක් ලෙසට මා සතුටින් විනෝදාංශයක් විදියට මා කර ගිය අන් යට කුප්පි දැමීම,පටන් ගැනීමට සිදුවීම සහ අපේ මිතුරන් රැකියාවන් සොයා යාම සහ රැකියාවන් කිරීමට පටන් ගැනීමත් සමග ඇරඹුණු වෙහෙසකාරී කල පරිචේදය නිසාය.
අපුරු සිදුවීමක් මෙලෙස සටහන් නොකර තැබීමට නොහැකි උනි.
උපාධි ප්‍රදාන උත්සවය අවසාන වී ෆොටෝ එකතු කිරීමට මා පැමිණි විට එක පුද්ගලයකු මා සමග සිනාසුනි.මා ඔහුව ජීවිතේට දැක තිබුනේද නැත.මාද සිනාසුනේ ඔහු සමග ඔහු කව්රුන්දැයි යන ප්‍රහීලිකව සිත තුල ඇති විටය .
ඔහු :ඔයාට ගොඩක් පින් !!!!
මම :එමොකටද ???(පුදුමයෙන් )
ඔහු :ඔයාගේ tutorial ටික නැත්නම් මන් අද මෙතන ෆොටෝ ගන්නේ එන්නේ නෑ (DCBSD සදහා නිර්මාණය කෙරන ලද youtube tutorial එකක් මන් මිතුරන් සමග බෙදාහැරිය )
මම:සිනාසෙමින් අයියෝ ඕක මොකක්ද
ඔහු:එක මට මාරම උදව්වක් මන් අද interview එකකට යනවා
මට කියන්නේ තියෙන්නේ මෙචරයි ඔයා හදපු ඒ සුලුදේ නැත්නම් අද අපේ ගොඩක් ය මෙතන නෑ මම මෙතන නෑ
ඔයාට බුදුන් දැක නිවන් දකින්න ඕනේ කෙනෙක් ගේ ඇස් දෙක පාදනවා තරම් පිනක් මේලෝකේ කොහෙවත් නෑ මල්ලි
මට තවදුරටත් කතා කෙරගැනීමට නොහැකි උනි .මා වචනයකින් විස්තර කිරීමට අපහසු යම් ජයග්‍රහණයක් ලබගතෙමි යි මට එදා හැඟුනි.certificate degree වල පෙන්නීමට නොහැකි.ඔහුගේ සිනහව මට පුදුම ලෙස හිතට කාවදුනි
අනිකුත් කරුණු නම් මේ කතාව මන් අපහසුවෙන් උවද සිංහලෙන් ලිවීමට හේතුව නම් මට සිංහල භාෂාව තරම් දැනෙන ලෙස හැඟීම් ප්‍රකාශ කිරීමට වෙන කිසිම දෙයක් නොතිබුන බැවිනි
අප සිටින වෙහෙසකාරී පරිසරය තුල කෙසේ හෝ තමන්ගේ අදහස් අත්දැකීම් වචන වේලට පෙරලීමට හැකිවේම මහත් කොට භාගයක් කොට සලමි
අනිකුත් බ්ලොග් සමග සසදන විට මෙය ඉතාමත්ම ප්‍රාථමික ගණයේ සටහනක් උවද ආරම්බයක් සහ පුහුණුවීමක් සඳහා මෙසේ ලියා තබමි
නැවත අදහසක් එන තුරු අපි සමු ගනිමු
තෙරුවන් සරණයි