Sunday, June 21, 2015

පන්තියේ බුදු පහන

උසස් පෙළ පන්තියේ  ගෙදරින් ගෙන ආ මල් මිට,
බුදුන් පුදන්නට මල් නොමැති වූ විට පාසල් වත්තෙ ද තිබු මල්ද  කැඩුවෙමි
පහනට තෙල් නොමැති උනාද හිස්ව තබනන්ට අකමැති වූ හෙයින් අහල පන්ති වලින් සලාක ක්‍රමයට තෙල් ඉල්ලු අප,

උසස්පෙළ පන්ති රැල්ල නිසා පාසල් නොපැමිණි සමයේ අවසානයේදී
මල් දෝතක් ගෙදරින් කඩ පන්ති කාමරයට මල් දෝත අසාවෙන් ගෙන ගියෙමි

අමුත්තකි අද පන්ති කාමරය වෙනදා නොහුරු බෑග එහි විය.
මොහොතක් කල්පනා කල මට කරුණු වැටහුණි අප වෙනුවට
වෙන මල්ලිලා ටිකක් පිලි ගන්න පන්තිය සැරසී ඇත.

දුකට පත් මා අවසාන වරට මා ගෙනා මල් මිට බුදූ පහන ලඟින් තබා අවසන්වරට
දුකින් නික්ම උනිමි

1 comment:

  1. යාම හොඳය.
    ගොස් ඊමද හොඳය.
    ලොවැ ඇත්තේ යාම් ඊම්ය.....
    නෑවිත් යන්නට බැරිය.
    නොගොස් එන්නට බැරිය

    ReplyDelete