Monday, June 8, 2015

කව්රුන්ද ඔහු

රළු ගල් සියුමැලි කර
පිරමිඩ උසටට දාගැබ් විහාර  තැනවූ
වතුරෙන් එදා විස්කම්පෑ වූ
ඒ අරුම මිනිසා කව්රු දෝ


තවකෙකුගේ වැරදීම දැක
කකුලෙන් අදිනා ඔහුගේ
අරුම නෑයෙක් හිඳියි මේදවස
කුමක් උනීදැයි මට කියාපන්  දෙවියනි


රට රැටියන් පුදුම කරවන
තුන් හෙළ මහා සාස්තරේ
නොකි වේ ඇයි  උඹ උඹේ දරුනට
මට කියා දෙන්න අයියන්ඩියේ

බුද්ධ සාසනේ පවතින මේ හෙලේ
තව කලක් පවතින්නට යහතිනේ
මගේ දරුවන්ට ඒ අරුම ශිල්පත්
 මට කියා දෙන්න අයියන්ඩියේ

සැළලිහිණිය ලියු මහා කවියන්
අද බොහෝ විරලව ඇත්තේ
අනේ මගේ රට පෙර දවස මෙන්
හදා දිපන්අයියන්ඩියේ


නරුම මිනිසුන් මගේ දරුනට
පෙවූ ඒ විෂ ඉවත් කරනට
ජීවක වෙදෙක් ඔබේ කාලෙන්
ගෙනත් දීපන් අයියන්ඩියේ

No comments:

Post a Comment