Tuesday, May 26, 2015

සින්දුවක් නොවූ ගීතයක්

මා කුඩා කල සුභාවිත  සංගීතයට එතරම් ඇළුම්කමක් දක්වුයේ  නැත.එකල මා ප්‍රිය කල සින්දු මතක් වන විට මටම පුදුම සිතුනි.නමුත් අපේ ගෙදර නෑයෙක් නැවති සිටි කාලය තුල (උසස්පෙළින් පසුව) සහ මගේ ඇසෙ ශල්‍යකර්මයක් සිදු කල පසුව.මාගේ සිදුවිලි වෙනස් වූ ආකාරය තාමත් මට ගැටලුවකි,ඔහු මට මුලින්ම අසන්නට සැලැස්සුවේ මා  කුඩා කල සිට අසා ඇති  මින්දද හීසර ගීතයි.ඔහු එම ගීතයේ ඇති මතුපිටින් පෙනන අර්ථය තුලින් මට ඇතුලාන්තය දකින ආකාරය මට පෙනවා දුන්නේය,මීලන්ගටේ ඔහු කියල දුන්නේ වක්කඩ ළඟ දිය වැටෙන තාලයට නම් ගීතයි.මන් එතක් කල් සිත සිටියේ එම ගීතය සහෝදරයෙක්ට කියන එකෙක් බවය . ඒ එම ගීතයේ කළු කියා අමතන්නේ නිසාය.නමුත් එම ගීතය ආදර ගීතයක් පෙම්වතිය සමග තරහ ආදරයට තරහා උන විඅ කියූ සින්දුවක් යි පෙන්නවා දුන්විට මට සිදුනේ මන් මෙපමණ කාලයක් කුමක් ද දැනගෙන සිටියේ කියා  ය.කෙමෙන් කෙමෙන් මෙයත් සමග මා සිතන ආකාරය වෙනතකට යොමු වෙන්නට පටන්ගත්තේය.මා ඉන්පසු නොයෙකුත් ආකාරයේ පරණ සින්දු වල තේරුම මෙලෙස ලෙස සෙවීමට පටන්ගතිමි සසර වසන තුරු ආදිය නොයෙකුත් ගීත කෙරහි මගේ සිත ගමන්කරන්නට විය .වයලීනය මා පුරුදු වෙමට පටන් ගත්ත විට මුල් කාලයේ සසර වසන තුරු ගීතය ස්වර පස්සුපස හඹායමක් විය.පසු කාලයක මා වියලිනය අතට ගන්නේ සියලු විදුලි පහනද නිවාදමා ය .ඒ විට පුදුමයකට මෙන් සිදුවන වරදිම්ද අඩු වේ .මාගේ සහෝදරයා තුල එක්  සීමාවක් තිබුණි ඊ ඔහු පිරිමි ය ගයන කෙරන ගීත සහ ඉංග්‍රීසි ගීත කිහිපාක් අතර පරාසයක ඔහු කොටු වී ඇති බවක් පෙන්නේනට තිබිණි.ඔහු මා තුල ඇති කල ප්‍රබෝධය කෙස්සේද යත් මා සොයා ගිය ගීත වෙලා සීමාවක් නොමැති විය .බටහිර සංගීතය ග්‍රීක හින්දි අප්‍රිකානු ,සහ සිංහල ජන ගී වීදික නාට්‍ය.චිත්‍රපට ගීත ආදී නොයෙකුත් පරාසයන් ඔස්සේ විහිදින.මේ බ්ලොග් අඩවියද එවන් ගමනක ප්‍රතිපලක් බව කිවීමට පුලුඅන වසර 3 කට ප්‍රථම මෙවැනි බ්ලොග් අඩවියක් ගැන සිතීමට පවා නොහැකිය.කතා ගෙනහර පෑමට නොයෙකුත් බොහෝද තිබුනද අදට මෙවැනි තැනකින් නවතිමි.මේ ගීතය අමරදේවයන් ගේ සොඳුරු වූ මිනිසා ඇල්බමයෙන් තිබු ගීතයකි.නොයෙකුත් වර ඇසුවද අද එම ගීතයේ නිවැරදිව අසන්නට වෙලාවක් තිබුණි. මෙන්න එම ගීතය















සමාධි මහිමේ, සමාධි මහිමේ,අන්ධ ගල්කුල ,අඳුර විනිවිද ,බුදු නෙතින් බැලුවෝ
කුළුණු ගුණයෙන්, තෙත් ලයක් වී, ලොවට මෙත පෑවෝ ,සමාධි මහිමේ. 

සොඳුරු වනපෙත, සුපුල තුරු රැස ,මොරාගල ගම පියසි දිරිහිස 

නොමද කුලුණින් නිසල පියුමින් උවන දිදුලණ විපුල බුදු සඳ

 වැදෙන ගල්කටු ,පහර ඉවසා,මලක මෙලකින් මොලොක් වූ හද

මුවග පැතිරෙන හැඟෙන නොහැගෙන මදහසින ලොව බලන හැම සඳ 

අගත අනගත අනත සත්වග,බැතින පුද දෙන මලින් පුද ලැබ

පවකි සුවහස් වසක් හිමි සඳ විනේ දනමන  සනසම්න් සොඳ

 සමාධි මහිමේ, සමාධි මහිමේ




බුදු පිළිම වහන්සේ නමක දෙස බලා මෙවැනි අදහස් ඇති වූ  කව්දැයි මා සොයන්නට වෙහෙසුනෙමි .අන්තර්ජාලය නිවැරදිව භාවිත කර අවසානයේදී මට උන් වහන්සේ සොයාගන්නට හැකි විය.නිධාන කතාවත් සමගම.

 මෙන්න ඔබටද එය නැරබීමට හැකිය 



උන් වහන්සේ නමින්  එගොඩමුල්ලේ අමරමෝලි  වන සේක.මේ වචන මා මුලින් අන්තර්ජාලයේ නැති සිතා වචනෙන් වචනය play කෙරමින් word වල ලියුවෙමි පසුව මෙවැනි දෙයක් දුටු විට සංසන්දය කරමින් වැරදි සැදුවෙමි.මට දැන්නු දේ නම් මේක කිහිප වරක් වෙනස් කෙරන්නට තරම් මේ වචන වල ඇති ප්‍රබලත්වය .සාමානන් නුතන බහුතරයක් එක පමණින්ම තේරුම් ගන්නට හැකියාව පවතී.දුක නම් එත් නොතෙරෙන්නම්  
visual එකක් දමමින් අඩමින් කීමට කරන .නිකන්ම නිකන් සින්දුවක් සහ ගීතයක් වෙන් වන්නේ ගීතය මොලයෙන් නොව හදවතින් රසවින්දය කිරීමට ඇති හැකියාවයි.

  

4 comments:

  1. ඇත්තටම මම මේ සිංදුව කලින් අහලා තිබුනේ නෑ.. මේ ගැන ලිවුවට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝදරයා

      Delete
  2. අඩෝ මොංගල් නඩේ ඇයි මේක නෙලුම් යයේ එල්ලන් නැතයි

    වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

    ReplyDelete
    Replies
    1. කොහොමේද අයුබෝවන්ඩ එහෙම කොරන්නේ ???/

      Delete