Tuesday, January 8, 2019

සිතාරය

හරිම ආදරයෙන් සිතාරය අතට අරන් ස්ර්පිනාව වයන මල්ලිව වසර ගනනාවකින් පසු ඔහුගේ නිවසට ගිය විට සිතාරය ස්ර්පිනාව ද දූවිලි බැදි ඇත. මල්ලි දොස්තර වන්නට tution පන්‍ති ගොස් ඇත

Sunday, May 8, 2016

සිනහව

අවරුද පටන් ගත්ත විදියට අපි හිතන දේවල් ඒවිදියට කිරීමට හැකිනම් ජීවිතේ යනු කොතරම් අගනා නිර්මාණයක්ද .නමුත් අවාසනාවකට සැබෑ තත්වය එසේ නොවේ සහෝදරවරුනි.සරල උදාහරණයක් ලෙසේ මේ කුඹුක් සෙවනෙහි වසර ආරම්භක බ්ලොග් සටහන කියවන්න එහි ඇති ලෙසට මට මෙම බ්ලොග් සටහන යාවත්කාලින කිරීමට නොහැකි විය රැකියාවක් ලෙසට මා සතුටින් විනෝදාංශයක් විදියට මා කර ගිය අන් යට කුප්පි දැමීම,පටන් ගැනීමට සිදුවීම  සහ අපේ මිතුරන් රැකියාවන් සොයා යාම සහ රැකියාවන් කිරීමට පටන් ගැනීමත් සමග ඇරඹුණු වෙහෙසකාරී කල පරිචේදය නිසාය.

අපුරු සිදුවීමක් මෙලෙස සටහන් නොකර තැබීමට නොහැකි උනි.

උපාධි ප්‍රදාන උත්සවය අවසාන වී ෆොටෝ එකතු කිරීමට මා පැමිණි විට එක පුද්ගලයකු මා සමග සිනාසුනි.මා ඔහුව ජීවිතේට දැක තිබුනේද නැත.මාද  සිනාසුනේ ඔහු සමග ඔහු කව්රුන්දැයි යන ප්‍රහීලිකව සිත තුල ඇති විටය .

ඔහු :ඔයාට ගොඩක් පින් !!!!

මම :එමොකටද ???(පුදුමයෙන් )

ඔහු :ඔයාගේ  tutorial ටික නැත්නම් මන් අද මෙතන ෆොටෝ ගන්නේ එන්නේ නෑ (DCBSD සදහා නිර්මාණය කෙරන ලද youtube tutorial එකක් මන් මිතුරන් සමග බෙදාහැරිය )

මම:සිනාසෙමින් අයියෝ ඕක මොකක්ද

ඔහු:එක මට මාරම උදව්වක් මන් අද interview එකකට යනවා
මට කියන්නේ තියෙන්නේ මෙචරයි ඔයා හදපු ඒ සුලුදේ නැත්නම් අද අපේ ගොඩක් ය මෙතන  නෑ මම මෙතන නෑ
ඔයාට බුදුන් දැක නිවන් දකින්න ඕනේ කෙනෙක් ගේ ඇස් දෙක පාදනවා තරම් පිනක් මේලෝකේ කොහෙවත් නෑ මල්ලි


මට තවදුරටත් කතා කෙරගැනීමට නොහැකි උනි .මා වචනයකින් විස්තර කිරීමට අපහසු යම් ජයග්‍රහණයක් ලබගතෙමි යි මට එදා හැඟුනි.certificate degree වල පෙන්නීමට නොහැකි.ඔහුගේ සිනහව මට පුදුම ලෙස හිතට කාවදුනි

අනිකුත් කරුණු නම් මේ කතාව මන් අපහසුවෙන් උවද සිංහලෙන් ලිවීමට හේතුව නම් මට සිංහල භාෂාව  තරම් දැනෙන ලෙස හැඟීම් ප්‍රකාශ කිරීමට වෙන කිසිම දෙයක් නොතිබුන බැවිනි
අප සිටින වෙහෙසකාරී පරිසරය තුල කෙසේ හෝ තමන්ගේ අදහස් අත්දැකීම් වචන වේලට පෙරලීමට හැකිවේම මහත් කොට භාගයක් කොට සලමි 
අනිකුත් බ්ලොග් සමග සසදන විට මෙය ඉතාමත්ම ප්‍රාථමික ගණයේ සටහනක් උවද  ආරම්බයක් සහ පුහුණුවීමක් සඳහා මෙසේ ලියා තබමි 

නැවත අදහසක් එන තුරු අපි  සමු ගනිමු




තෙරුවන් සරණයි

Friday, January 1, 2016

නව වසරක ඇරඹුම

නව වසරක ඇරඹුම

මා මේ ලිපිය ලියන්නේ 2015 වර්ශේයෙහි අවසන් හෝරාව තුල සියගෙනය .බොහෝකාලයක් නව සටහනක් කුඹුක් සෙවනට එකතු කෙරනන්ට බැරි උනේ විශ්ව විද්‍යාල අවසන් වසර වර්ෂ අවසාන විභාහය සහ නොයෙකුත් කරන රාශියක් මුල් කරගෙනය.2015 වසර ගැන මා මතක සටහන් කිහිපයක් මෙසේ තබන්නම්

පසුගිය වසර

මුල්ම කාරණාව තමයි කුඹුක් සෙවන නම් බ්ලොග් සටහන ආරම්භය උනේ මෙන්න මේ අව්රුද්දෙ තමයි .මේක සංකල්පයක් ලෙස හැඳින්වීම වැඩ නිවැරදි
සිංහල භාෂාව වේගයෙන් වඳ වීමේ තර්ජයනට ලක් ව ඇති කලක වරද්ද වැරැද්ද හරි තමන්ගේ හිතට දැනෙන සමාජයේ නොයෙකුත් කෝණ එළිදක්වෙමක් කියන්නට පුළුවන්
.

දිවැසි නම් අනතුරු පෙර දැනුම් දීමේ  පද්ධතිය ලොවට එලි දැක්වීම අප විශ්වවිද්‍යාල  කණ්ඩායම විසින් සිදු කරනු ලැබුවා  පහත ලින්කුව තුල වැඩි විස්තර අඩංගු වෙනව.

ISBN:973-93-80890-39-3
Manuscript Title: Diwasi: Intelligent GPS based Accident Prevention System
Digital Library URI: http://www.ijcaonline.org/archives/volume131/number12/23503-2015907404


වඩාත්ම  වැදගත් කාරණාව නම් මට උපාධි ය සාර්ථකව අවසන් කිරීමට හැකි වීම පමණක් නොව තව අයගෙත් උපාදි සිහිනය සැබෑ කරදීම පිළිබඳව මා වඩාත් සතුටට පත් වනවා .මා කිසි සීත්ම නොහිතපු ආකාරයට ඉගැන්වීම් හැකියාවක් මතු වූ ආකාරය පිළිබඳව මහත් සතුටට පත් වන්නෙමි.පුරා වසර 3 ක කාලය තුල කියල දීමට හැකි වූ සිසුන් ගණන මෙපමණයි කියල නිම කරනන්ට බැරිය.video  tutorial  මාධ්‍ය ට කථනය එක කීරීම් මා මුල් වතාවට සිදු කලේද ලැජ්ජාවක් නැතිව මේ වසරදීය එම මාලාව ගොඩක් යට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනේව  ,මට ගොඩක් ය ස්තුති  කේර තිබුණු ආකාරය නිසා වෙන්නට ඇති මේ පහත නිදර්ශනයකි ඒ .

මා වඩාත් සතුටට පත් කාරණාව නම් උපාදිය සම්පුර්ණ උන දවස  ය දාපු facebook posts  කියවද්දීය එම උත්සාහය තුල මාගේ සුළු හෝ දායකත්වයක් තිබෙන බව දැකීමට හරිම සතුටක් මා එවැනි post  එකෙක් දැමීමට කාලයක් නොතිබිණ

ඇතුගල්පුර චෙස් තරගාවලියේ unrated  කාණ්ඩයේ තුන් වන තැන ද හිමි කරගන්නටද ratings open වෙමටද හැකිවීම එක්තරා ජයග්‍රහණයක්

ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද ඇති බහුලය ඒවා එක පොස්ට් එකකකින් කිරීමට නොපුළුවන නමුත් එක්තර පරාජයක් නම් Dota  2 Defence Of the Ancident  නම් කාලය කා දමන ක්‍රීඩාවකට අබාහි වෙමක් නමුත් ඉන් කණ්ඩායම් ක්රියකර්තිව ප්‍රයෝගිකව අත්විදිනට අවස්තාවක් කරගන්නතෙමි


නව වසර

තම මිනිත්තු 10 ඇරබෙන නව වසරට මේ අවසන් 2015 ගත අතකිම් සමග කුඹුක් සෙවන පෙරට වඩා  ක්‍රියාකාරී හරවත් දෑ ඔබ වෙත සමීප කිරීමට මා බලපොරොතු  වෙනවා

මතක් කෙරීමට වැදගත් පුද්ගලයෙකු සිටිනවා දෙනුවන් හිමාංග සහෝදරයා තමි මට මේ බ්ලොග් කලාව ගෙනයාමට සහ නොයෙකුත් දා සදහා අතහිත දුන්නේ මේ අවසාන මිනිත්තු 8 තුල ඔහුටද සුබපතනවා
http://denuwanhimanga.blogspot.com/

සසික සාරංග අමතා නොකළ යුතු චරිතයක් පසුබිම් සංකල්පය ඔහුගේය





ඉතින් හැමෝටම තව මිනිත්තු 8 කින් ඇරඹෙන නව වසර හරවත් දා ලොවට සහ  තමන්ට ගෙන ඒමට හැකියාවක් ලැබෙන අසාර්ථක වූ දා සාර්ථක කරන

සුබම සුබ නව වසරක් වේවා යි කුඹුක් සෙවන ඔබට සුබ පතමි


විභාවි යුගපමොද ආටිගල





Sunday, September 13, 2015

උඹ පමනක් නම් ???


මගේ හද නුඹේය කියා,
පෙමින් වෙලුනු ඇයත් සමග,
එක් වන්නට බැරිනම් අප මිය යමුයි
කිවෙනම් ?.

උපන්දා සිට හැදු වඩු අම්මා  කව්ද ???


දැන් මා කන්ටද දැන් මා බොන්ටද සොඳුර ,
කියා වදන් තෙපලයි නුඹ කොටමින් උන් 
කෙටි පණිවිඩයට,අම්මේ මන් වැඩක් කියා,
කියයි නුඹ අම්මාට ,නුඹ කවද මගේ පුතේ 

කියා ඇසු විට අම්මාට,


ඕන කෙමකට අපි ඉන්නවයි,කියා කියූ
මිතුරු රළට.කෙල වූ විට ළඟ ඉන්නේ 
හිතෙන බැනපු පියාණන්ය 

ප්‍රතිපල දැන් අවුට් වෙලා,කිවූ  විටක මගේ මිතුරන් 
මොකද මචන් උඹේ නැත්තේ ,Z අගය සටහන් කර


 නමින් ඔබට පෙමින් බඳින රැල්ලක මේ  
මේ අපි ඉන්නේ 


උඹ පමණක් නම් මට ඉන්නේ,
ගෙදර න්නේ කව්ද කියන්

Thursday, August 27, 2015

බිලොග් රචනය

මා  බ්ලොග් රචනයට අලුත්ය. එබැවින් අද්දැකීම් ලබා ගැනීමට සහ රන භාෂාව පිළිබඳ කරුණු සෙවීමට සහෝදර බිලොග් සමාජය අධ්‍යනය කලෙමි.  විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යමි අධ්‍යනයක නිරත උනෙමි. මා සතු එක් දුර්වල ලක්‍ෂණයක් නමි අදහස් ඉතා ඉක්මනින් කෙටිව සඳහන් කිරීමයි.

අනිකුත් බිලොග් සමාජය හා සැසඳීමේදී එම ලක්ෂණය පෙන්නුම් නොකරයි.
බිලොග් රචනයේදි අත්විඳින එක් අපහසුතාවයක් නම් භාෂාව හසුරුවන ආකාරයයි. තමන්ට අනන්‍ය වු අකාරයෙන් ලිවිල්ල ඉතා අපහසු කාර්යයක් බව මා අවබෝධ කර ගනිමි. සිංහල භාෂාව තුළ අැති ව්‍යාකරණ නිතර යෙදෙන්නේ නැති නිසා තවදුරටත් අපහසුතාවට ලක්වෙයි.

කෙසේවෙතත් මා කල අධ්‍යනයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිදුණු බිලොග් අඩවි දුටිමි. මෙතරම්  කෙටි කාලයක් වුවද බිලොග් රචනය මා කෙරෙහි උනන්දුවක් අැතිකලේය.

ප්‍රවීණයන්ගේ හා සමාජයේ අත්දැකීම් වලින් පෝෂණය වී
දිගටම ලියන්න බලාපොරොත්තු වන්නෙමි
.

Saturday, August 8, 2015

ඇති නැති බව

ඇති නැති.දුපත් පොහොසත්,ලස්සන අවලස්සන හැකියාව නොහැකියාව කියන දේ මේ ලෝකේ පවතින්නේ ඇයි කියල හිතෙනවා.මේ හැමදේම කරන්නේ මේ සියල්ල අතර දූලනය වීමට නොවේද ???.හොරකම් කරන්නෙත් බොරු කියන්නෙත් හැම මගුලක් ම කරන්නේ මේ ඇති විෂමතාවයන් නිසනොවේද.

මේ ළමයින් දෙන්න කෑම කඩයක් දෙස බලන් හිඳිම අතිශයින්ම සන්වේදී අවස්ථාවක් .අවන්කවම මත ඔය විදියටම ඔහොම කරලා තියෙනවා .අය්යල කියල කියන එකෙක් මට උපහාසාත්මක කතාවකුත් කළා
බාෂාව ආගම කුමක් උවත් බඩගින්නට ඇත්තේ එකේම අරුතකි :( මේ සින්දුව මෙහෙම හිතෙන්නේ කොහොමද කියන එක පුදුමි ඒ තරම් නිර්මාණශීලි
මා කුඩාකල සිට යමක් දැනගැනීම මහා ලොකු දෙයක් උන සමාජයක් තිබ්බේ උසස්පෙළ මහන්සිවෙලා පාඩම් කරත් අනික වගේ කාලකවත් වෙන්න බැරි වීම .පන්තියේ ප්‍රථමයා වීම වැනි දේවල් ඇති වන්නේ මේ බෙදීම නිසයි .මා හදාරන උපාධිය තෙවන වසරට යනව්ටියි මට තේරුනේ කොහොමේද
නැති වීම අර්ථය මෙචර සැරට දනුන්නේ කොහොමේද කියල.සාමාන්‍ය ඉස්සර දාපු කුප්පි වලට වඩා..ශිෂ්‍ය උපදේශක (Student Tutor) උන විට ඒ දේ තදින් දැනෙයි.මා නැවත online ලකුණු වැඩි උන එක
GPA ගැන ආඩම්බර නොවෙමි මොකද  මේ බෙදීම අනික් පැත්තේද සිටින බැවිනි




Monday, July 6, 2015

අපේ කාටුන්

මා පසුගිය නිවාඩුවෙහි,කුඩා කල නැරඹු දොස්තර හොඳහිත පිස්සු පුසා වැනි කාටුන youtube හරහා නැරඹුවෙමි.එහි ඇති අපුරුවත්වය යනු 100% ක භාෂා පරිවර්තනයකට ලක් නොකර අපගේ රටට ගැලපෙන පරිදි අර්ථවත් දෙයක් එකතු කිරීමයි .ඔබට මෙම කාටුනය මතකද ???.
මෙhi  ඇති විශේෂත්වය ලෙස මා දකින්නේ අපේ රටට අවේනික ලෙස විරිඳු මගින් සමාජයට ආදර්ශමත් පණිවිඩයක් ගෙනත් දීමයි.දිනක මගේ යාලුවෙකු මා සමග මෙවැනි වදනක් පැවසිය."අපේ ගෙදර පොඩි එවුන් දෙන්නෙක් ඉන්නව උන් මුල් කලේ මෙවැනි ගීත ගයනාකර


 පසුව කාටුන් බලන්න ගත්ත දැන් උන් බලන කාටුන් මටවත් තේරෙන්නේ නැහැ කියල.වෙනස් නොවනා එකම දේ වෙනස් වීම උනු මේ ලෝකයෙහි.තවත් එක පැතිකඩකි මෙය .නිර්මාණ කරුවන් සමාජයටද වැදගත්  පණිවිඩයක් ගෙනෙන දෙයක් ගෙන ආවොත්.එය ඔවුන්ටද සමාජයටද වටිනා නිර්මාණයක් නොවේද ??

Sunday, June 21, 2015

පන්තියේ බුදු පහන

උසස් පෙළ පන්තියේ  ගෙදරින් ගෙන ආ මල් මිට,
බුදුන් පුදන්නට මල් නොමැති වූ විට පාසල් වත්තෙ ද තිබු මල්ද  කැඩුවෙමි
පහනට තෙල් නොමැති උනාද හිස්ව තබනන්ට අකමැති වූ හෙයින් අහල පන්ති වලින් සලාක ක්‍රමයට තෙල් ඉල්ලු අප,

උසස්පෙළ පන්ති රැල්ල නිසා පාසල් නොපැමිණි සමයේ අවසානයේදී
මල් දෝතක් ගෙදරින් කඩ පන්ති කාමරයට මල් දෝත අසාවෙන් ගෙන ගියෙමි

අමුත්තකි අද පන්ති කාමරය වෙනදා නොහුරු බෑග එහි විය.
මොහොතක් කල්පනා කල මට කරුණු වැටහුණි අප වෙනුවට
වෙන මල්ලිලා ටිකක් පිලි ගන්න පන්තිය සැරසී ඇත.

දුකට පත් මා අවසාන වරට මා ගෙනා මල් මිට බුදූ පහන ලඟින් තබා අවසන්වරට
දුකින් නික්ම උනිමි

Monday, June 8, 2015

කව්රුන්ද ඔහු

රළු ගල් සියුමැලි කර
පිරමිඩ උසටට දාගැබ් විහාර  තැනවූ
වතුරෙන් එදා විස්කම්පෑ වූ
ඒ අරුම මිනිසා කව්රු දෝ


තවකෙකුගේ වැරදීම දැක
කකුලෙන් අදිනා ඔහුගේ
අරුම නෑයෙක් හිඳියි මේදවස
කුමක් උනීදැයි මට කියාපන්  දෙවියනි


රට රැටියන් පුදුම කරවන
තුන් හෙළ මහා සාස්තරේ
නොකි වේ ඇයි  උඹ උඹේ දරුනට
මට කියා දෙන්න අයියන්ඩියේ

බුද්ධ සාසනේ පවතින මේ හෙලේ
තව කලක් පවතින්නට යහතිනේ
මගේ දරුවන්ට ඒ අරුම ශිල්පත්
 මට කියා දෙන්න අයියන්ඩියේ

සැළලිහිණිය ලියු මහා කවියන්
අද බොහෝ විරලව ඇත්තේ
අනේ මගේ රට පෙර දවස මෙන්
හදා දිපන්අයියන්ඩියේ


නරුම මිනිසුන් මගේ දරුනට
පෙවූ ඒ විෂ ඉවත් කරනට
ජීවක වෙදෙක් ඔබේ කාලෙන්
ගෙනත් දීපන් අයියන්ඩියේ

Friday, June 5, 2015

ජය මංගල ගාථා

අන්තර්ජාලයේ තිබී ජයමංගල ගාථා  වල සිංහල අර්ථය සොයගතෙමි .ඔබගේ ප්‍රයෝජනය පතා  මෙසේ ගෙනහැර පාන්නෙමි
ලිපිය http://www.divaina.com/2014/06/29/naka08.html

ගාථාව

බාහුං සහස්‌ස මභිනිම්මිත සායුධං තං

ගිරිමේඛලං උදිත ඝෝර සසේන මාරං

දානාධි ධම්ම විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී


සිංහල තේරුම

දාසක්‌ මවාගෙන අතුත් අවියෙන් සමත් වූ

ගිරි මේඛලා ඇතු නැගී සිටි මාර සේනා

දානාදි දම් විදි බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා


ගාථාව

මාරාතිරේක මභියුඡ්Cධිත සබ්බ රත්තිං

ඝෝරං පනාලවක මක්‌ඛ මතද්ධ යක්‌ඛං

ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී


සිංහල තේරුම

ඒ මාරයා හට වඩා නපුරක්‌ බිරම් වූ

බෝසත් අතින් හොර අලව් යකු කෝපවත් වූ

මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා


ගාථාව

නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං

ධාවග්ගි චක්‌ක මසනීව සුදාරුණන්තං

මෙත්තංබුසේක විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජයමංගලානී


සිංහල තේරුම

නාලාගිරි ඇත් රජා ඇතිතෙක්‌ම රා බී

සෝකා දෙමින් හෙණ හඬක්‌ ලෙස බෝ බිරම් වූ

මෙත්පැන් ඉසීමෙන් වහා දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා

ගාථාව

උක්‌ත්ත බග්ග මතිහත්ත සුදාරුනන්තං

ධාවන්තියෝ ජනපථං ගුලිමාලවන්තං

ඉද්ධීහි සංඛත මනෝ ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජයමංගලානී

සිංහල තේරුම

උස්‌සා සියුම් කගපතක්‌ සුරතින් රැගත් වූ

බෝසේ රකුස්‌යුරු අඟුල්මල් නම් සොරා ඒ

පාලා යසේ ඒ ඉඳු බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා


කවාන කට්‌ඨ මුදරං ඉව ගබ්භීනියා

චිඤචාය දුට්‌ඨ වචනං ජනකාය මඡ්ෙCධ

සන්තේන සෝම විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී


සිංහල තේරුම

රාසේ බැඳන් බොරු බඩක්‌ ගැබිනි විලාසෙන්

ආවේ නිගාකර සභාවට චින්චිමානා

සන්සුන් ලෙසින් ගුණ වඩා දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා

ගාථාව


සච්චං විභාය මති සච්චක වාදකේතුං

වාදාභිරෝ පිත මනං අති අන්ධභූතං

පඤඤාපදීප ජලිතෝ ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී


සිංහල තේරුම

වාදෙන් සමත්කම් නැගු කොඩියක්‌ විලාසෙන්

ඇත්තෙත් වෙනස්‌ සිතැති සච්චකයා විවාදී

දල්වා පහන් ගුණ නැණින් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා

ගාථාව

නන්දොපනන්ද භුජගං විබුධං මහිද්ධිං

පුත්තේන ථෙර භුජහේන දමාපයන්තෝ

ඉද්ධූපදේස විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී



සිංහල තේරුම

නන්දොපනන්ද භුජගා ඉදුයෙන් සමත් වූ

සෑසී මුණි පුතු ලවා දැහැමින් දැමීමෙන්

පාලා තෙදින් සිතු බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා



ගාථාව

දුග්ගාහ දිට්‌ඨ භුජගේන සුදට්‌ඨ හFථං

බ්‍රහ්මං විසුද්ධි ජුති මිද්ධි බකාභිධානං

ඤාණා ගඨේන විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී



සිංහල තේරුම

දාසක්‌ ලොවේ බබළනා එළියෙන් දිමුත් වූ

බෝසේ පසන් මහබඹා වරදී වදාළා

යහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා



ගාථාව

ඒථාපි බුද්ධ ජයමංගල අට්‌ඨ ගාථා

යෝවාචකෝ දින දිනේ සරණේ මතංදි

හිත්වාන නේක විවිධාන චුපද්දවානී

මොක්‌ඛං සුඛං අධිගමෙය නරෝ සපඤaෙඤ


සිංහල තේරුම

මේ ලෙස බුදුන් ජය මඟුල් අට මගී මතාසේ

යම් ඒ කෙනෙක්‌ දින දිනේ සොඳසේ කියයි නම්

නානා උපද්දාව නසා සිත දුක නොවීමෙන්

අක්‌වේ සැපත් අමපුරේ සව් දුක්‌ නසාලා

Thursday, June 4, 2015

දරු නැලවිලි සහ නැලවිලි




අප්පචිගේ මුව තුල නිරතුරුව රැව්දෙන ගීතයකි මේ.සුජාත අත්තනායකයන් විසින්  ගායනා කරන මෙම ගීතය අද  බ්ලොග් සටහනෙහි තේමාවයි. මෙම ගීතය මෑත කාලයකදී රට සහ ජාතිය බේදයක් නොමැති බව සනිටුවන් කෙරමින් වියට්නාම් ජාතික ශිල්පිනියක් විසින් ගායනා කෙරන්නට විය.අටපට්ටමෙහි  වරක පෙන්වූ විට මාද එය ඉතාමත් ආශාවෙන් නැරඹුවෙමි .භාෂාව නුහුරු උනත් ඇගේ මුහුණේ හන්ගීම් ප්‍රකාශන ඉතාමත් ප්‍රසනනීය ය .මෙය නරඹන්න 

පසු කලක බෑන්ඩ් සංගීත කණ්ඩායම් විසින් 100% සිංහල ජාතිකයෙකු විසින් ගායන කරන එයක් අහම්බෙන්  නෙත ගැටුණි.මෙය දුටු මට මහත් ලැජ්ජාවක් ඇති විය ඒ උපතින් සිංහල නොවීම සහ වීම අතර වෙනස ය .මිනිසත් කමට ජාති ආගම බෙදයක් නොමැති බව මානව මෙමගින් පිළිඹිඹු වෙයි,මෙමගින් පෙන්වීමට උත්සහ කරන්නේ ගීතයක් ගායන කල යුත්තේ  වචන මිමිනිමක් නොව හදවතින් ගැයීමක් බවය.





Monday, June 1, 2015

තරඟ නොවූ මනුදම



මා ප්‍රිය කරන ක්‍රීඩාවක් වන චෙස් ක්‍රීඩා තරගාවලියක් පසුගිය දෙසැම්බරයේ පැවැත්වින .කුරුණෑගල හෝටලයක තරඟය සවිධානය කර තිබුණු වට 9 සමන්විත වූ මෙම තරඟාවලිය Open ගණයට අයත් වේ එනම් වයස් භේදයකින් තොරව තරඟය වැඩි ලකුණු මත පදනම් කරමින් පැවැත්වින.විවිද රටවල් වල ක්‍රීඩකයෝ පැමිණ සිටියහ.මා 4.5/9 ක ලකුණු මට්ටමක් ලබා ක්‍රීඩා කිරීමට වට දෙකක්  පමණක් තිබුණි.ම ලබා තිබු ලකුණු මට්ටමත් කලින් තරඟය ජය පරාජයකින් තොරව අවසන් කෙල නිසාත් අඩු ලකුණු වේගය මත මා වැටි තිබුනේ වසර අවරුදු 9 කුඩා දරුවකු හා තරඟ වැදීමටයි.මා දුටු ඔවුන්ගේ දෙමාපියන් දැරියගේ ඔලුව අතගා ගියේ කමක් න දුවේ කියමින .මේ මට මහත් කම්පනයක් ඇති විය එනම් ක්‍රීඩා කිරීමට ප්‍රථම එම දරුවට පරාජයේ මනෛකත්වය වයස පරතරය නිසා ලබා දීමයි.තරඟය ආරම්බ විය ඉතාම කෙටි කාලයක ඇය ගේ පිහිටුම (පොසිටිඔන්) එක බඅවහිර කිරීමට සමත් උනෙමි.අගේ තව ඉතා සුළු මොහතකින් ය පරදිනබව මාද ඇයද මුහුණෙන් හොඳින් පෙනින.මට මී මොහොතේ .අමුතු අදහසක් පහල විය.එනම් මට මේක දින්නයි කියල මට  මේ තරඟාවලියේ  මා අපේක්ෂා කල ඉස්තනයට එන්නට දැන් ප්‍රමාද වැඩිය මන්ද අඩු ලකුණු ප්‍රමාණය නිසාය .නමුත් age වයස් කාණ්ඩයේ යටතේ (Under 11) යට ඉසරහට යාමට හැකියාව ලබෙඉ සිත සහ මට පසු දින සහභාගී වනන්ට නොහැකි නිසාත් .මා ඇයට තරඟය ජය පරජකින් තොරව අවසන් කිරීමට (Draw Offer) යෝජනා කෙළෙමි .අගේ මුහුණේ එම දෑස් වල එම මොහොතේ දුටු අහින්සක  දීප්තිය දුටු මට සිතුනි මන් මොකට තරඟ කරනවද කියා ය .මද එකකු පරය අනිකෙකු නැගී සිටීමක් වැනි දෙයක් ය කියාය .මෙය මන් පසු කලෙක chess ගුරු වරයකුට කි විට ඔහු කිව්වේ .වෙන කෙනෙක්ට කරන අසාදාරනයක් ලු .වෙන දක්ෂ කෙනෙක්ට එන්න තිබෙන අවස්ථාවක් නැති කිරීමක් අනි දෙයක් බව ඒ මන්ද draw එකකකින් 0.5-0.5 ලකුණු දෙදෙනාටම හිමි බැවින් වෙන කෙනෙක් අත්හටම මීට වැඩ මහන්සි වෙලා ගන්නේ තිබිබේ අවස්තාවක් නිකන් දුන්න සේ ය කියා.මට තවමත් සිතෙන්නේ මා කල දේ හරිය කියාය එකිනක අතර මෙවැනි කැපකිරීම් කිරීමන් අප සමාජයට දෙන්න යන පනිවිදිය ජය පැරදුම ලෝකෙයේ සාමාන්‍ය දේවල් කියාය .ඒ නංගි තරඟ කොලය කොලය අත්සන් කර අවසන් කරමින් මට ඉස්තුති කරමින් ගියපු ආකාරය මට මෙවැනි පොස්ට් එකෙකින් පැහැදිලි කිරීමට අපහසුය.ක්‍රීඩාවන් මා බෙහෙවින්ම අගය කරමි.කියවන ඔබ මෙමෙඅ අවස්ථාව හරි හෝ වැරදිද කියා ඔබේ අදහස comment මගින් ප්‍රකාශ කරන්නේනම් .අදට එපමණි 

  
 

Wednesday, May 27, 2015

එලියට ආ මේරු






එළියක් පවතින විට ලඟට එනවිට 
එලිය නැති වූ සැනින් ඉවතට යන 
          මේරු සමුහයක් අප සියල්ලන් තුලම ගැවසේ

Tuesday, May 26, 2015

සින්දුවක් නොවූ ගීතයක්

මා කුඩා කල සුභාවිත  සංගීතයට එතරම් ඇළුම්කමක් දක්වුයේ  නැත.එකල මා ප්‍රිය කල සින්දු මතක් වන විට මටම පුදුම සිතුනි.නමුත් අපේ ගෙදර නෑයෙක් නැවති සිටි කාලය තුල (උසස්පෙළින් පසුව) සහ මගේ ඇසෙ ශල්‍යකර්මයක් සිදු කල පසුව.මාගේ සිදුවිලි වෙනස් වූ ආකාරය තාමත් මට ගැටලුවකි,ඔහු මට මුලින්ම අසන්නට සැලැස්සුවේ මා  කුඩා කල සිට අසා ඇති  මින්දද හීසර ගීතයි.ඔහු එම ගීතයේ ඇති මතුපිටින් පෙනන අර්ථය තුලින් මට ඇතුලාන්තය දකින ආකාරය මට පෙනවා දුන්නේය,මීලන්ගටේ ඔහු කියල දුන්නේ වක්කඩ ළඟ දිය වැටෙන තාලයට නම් ගීතයි.මන් එතක් කල් සිත සිටියේ එම ගීතය සහෝදරයෙක්ට කියන එකෙක් බවය . ඒ එම ගීතයේ කළු කියා අමතන්නේ නිසාය.නමුත් එම ගීතය ආදර ගීතයක් පෙම්වතිය සමග තරහ ආදරයට තරහා උන විඅ කියූ සින්දුවක් යි පෙන්නවා දුන්විට මට සිදුනේ මන් මෙපමණ කාලයක් කුමක් ද දැනගෙන සිටියේ කියා  ය.කෙමෙන් කෙමෙන් මෙයත් සමග මා සිතන ආකාරය වෙනතකට යොමු වෙන්නට පටන්ගත්තේය.මා ඉන්පසු නොයෙකුත් ආකාරයේ පරණ සින්දු වල තේරුම මෙලෙස ලෙස සෙවීමට පටන්ගතිමි සසර වසන තුරු ආදිය නොයෙකුත් ගීත කෙරහි මගේ සිත ගමන්කරන්නට විය .වයලීනය මා පුරුදු වෙමට පටන් ගත්ත විට මුල් කාලයේ සසර වසන තුරු ගීතය ස්වර පස්සුපස හඹායමක් විය.පසු කාලයක මා වියලිනය අතට ගන්නේ සියලු විදුලි පහනද නිවාදමා ය .ඒ විට පුදුමයකට මෙන් සිදුවන වරදිම්ද අඩු වේ .මාගේ සහෝදරයා තුල එක්  සීමාවක් තිබුණි ඊ ඔහු පිරිමි ය ගයන කෙරන ගීත සහ ඉංග්‍රීසි ගීත කිහිපාක් අතර පරාසයක ඔහු කොටු වී ඇති බවක් පෙන්නේනට තිබිණි.ඔහු මා තුල ඇති කල ප්‍රබෝධය කෙස්සේද යත් මා සොයා ගිය ගීත වෙලා සීමාවක් නොමැති විය .බටහිර සංගීතය ග්‍රීක හින්දි අප්‍රිකානු ,සහ සිංහල ජන ගී වීදික නාට්‍ය.චිත්‍රපට ගීත ආදී නොයෙකුත් පරාසයන් ඔස්සේ විහිදින.මේ බ්ලොග් අඩවියද එවන් ගමනක ප්‍රතිපලක් බව කිවීමට පුලුඅන වසර 3 කට ප්‍රථම මෙවැනි බ්ලොග් අඩවියක් ගැන සිතීමට පවා නොහැකිය.කතා ගෙනහර පෑමට නොයෙකුත් බොහෝද තිබුනද අදට මෙවැනි තැනකින් නවතිමි.මේ ගීතය අමරදේවයන් ගේ සොඳුරු වූ මිනිසා ඇල්බමයෙන් තිබු ගීතයකි.නොයෙකුත් වර ඇසුවද අද එම ගීතයේ නිවැරදිව අසන්නට වෙලාවක් තිබුණි. මෙන්න එම ගීතය















සමාධි මහිමේ, සමාධි මහිමේ,අන්ධ ගල්කුල ,අඳුර විනිවිද ,බුදු නෙතින් බැලුවෝ
කුළුණු ගුණයෙන්, තෙත් ලයක් වී, ලොවට මෙත පෑවෝ ,සමාධි මහිමේ. 

සොඳුරු වනපෙත, සුපුල තුරු රැස ,මොණරාගල ගම පියසි දිරිහිස 

නොමද කුලුණින් නිසල පියුමින් උවන දිදුලණ විපුල බුදු සඳ

 වැදෙන ගල්කටු ,පහර ඉවසා,මලක මෙලකින් මොලොක් වූ හද

මුවග පැතිරෙන හැඟෙන නොහැගෙන මදහසින ලොව බලන හැම සඳ 

අගත අනගත අනත සත්වග,බැතින පුද දෙන මලින් පුද ලැබ

පවකි සුවහස් වසක් හිමි සඳ විනේ දනමන  සනසම්න් සොඳ

 සමාධි මහිමේ, සමාධි මහිමේ




බුදු පිළිම වහන්සේ නමක දෙස බලා මෙවැනි අදහස් ඇති වූ  කව්දැයි මා සොයන්නට වෙහෙසුනෙමි .අන්තර්ජාලය නිවැරදිව භාවිත කර අවසානයේදී මට උන් වහන්සේ සොයාගන්නට හැකි විය.නිධාන කතාවත් සමගම.

 මෙන්න ඔබටද එය නැරබීමට හැකිය 



උන් වහන්සේ නමින්  එගොඩමුල්ලේ අමරමෝලි  වන සේක.මේ වචන මා මුලින් අන්තර්ජාලයේ නැති සිතා වචනෙන් වචනය play කෙරමින් word වල ලියුවෙමි පසුව මෙවැනි දෙයක් දුටු විට සංසන්දය කරමින් වැරදි සැදුවෙමි.මට දැන්නු දේ නම් මේක කිහිප වරක් වෙනස් කෙරන්නට තරම් මේ වචන වල ඇති ප්‍රබලත්වය .සාමානන් නුතන බහුතරයක් එක පමණින්ම තේරුම් ගන්නට හැකියාව පවතී.දුක නම් එත් නොතෙරෙන්නම්  
visual එකක් දමමින් අඩමින් කීමට කරන .නිකන්ම නිකන් සින්දුවක් සහ ගීතයක් වෙන් වන්නේ ගීතය මොලයෙන් නොව හදවතින් රසවින්දය කිරීමට ඇති හැකියාවයි.

  

Sunday, May 24, 2015

ශල්‍යාගාරයේ බේබද්දා







වරක මාගේ ඇසෙහි (ශල්‍යකර්මයක් කේර තිබු හෙයින්) මැහුමක් ගැලවී  එය ඇසෙන ඉවත් කර ගැනීමට පුද්ගලික රෝහලකශල්‍යාගාරයක(Operation Theater)  පිහිට පැතීමට සිදුවිය.දිගු පෝලිමක් තිබු බැවින් මාහට
පැය කිහිපයක් එතන ගතකිරීමට සිදුවිය.ඇසෙ සුද ඉවත් කේර පැමිණි අවරුදු 65 විතර රෝගියෙකු හා ම සතුටු සාමිචියේ යෙදුනි.පුතාල දෙනාම  Engineers ල නේ .ශල්‍යකර්මයෙන් පසු ඖ සිටියේ දැඩි වේදනාවකින් බව පෙනෙන්ට තිබිනින.ඔහු  එතන සිටි තවත් අයකු සමග ඔහු කිවේ බෝතලක් තිබනම් ඇහේ වේදනාව නිකන්ම අඩු වෙලා යනවා කියල .එය අසු මාහට හැඟුනේ මන් අස සිටියේ අරක්කු කියන්නේ  විනාශයක මුල කියා නිතර ඔවදන් දෙන වැඩිහිටියන්  ගැන ය .ඒ පාසල් අවදියේ ගුරුවරුන් සහ දෙමාපියන් ය.ම නැවත මහත් ආශාවෙන් බලාසිටින්නේ නැවත මත්පැන් වල ආදින බව කියාදෙන වැඩිහිටියන්ට මොවුන් ළමුන්ට කෙසේ කියා දිය හැකිද මත්පැන් බොන්ට එපා කියා ??.නුතන සමාජය පිරිහීම අරඹය පැහැදිලි වෙනසක් මේ වන විට දනී අවසන්ය කොසොල් රජතුමා දුටු සිහින 16 ඇත්ත වීගෙන යයි .ඉදිරියටේ අපගේ දරුවන්ගේ කාලය වන විට අපිට ප්‍රදර්ශනය කල හැක්කේ කුමක්ද ??.

පසුබිම් පින්තූර

මට වරෙක මගෙ දුරකථනයේ වරක පසුබිම් පින්තුරය ලෙස මෙම පින්තුරය යොදාගත්තෙමි.ඒ අන් කවරකුද නොව ,රුපයේ සිටින දරුවා ගේ සිරියවන්ත මුහුන නිසය.අවිවෙකි වටපිටාවක මෙවානි රුප අප සිත් සුවපත් කරයි

මගේ මතය අනුව Wallpapers අපගේ සිතුවිලි වලට බලපෑමක් ඇති කරනවා කියලයි.මගේ වර්තමාන උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ  (SLIIT) නොකුත් ජාතියේ Assigments,Projects
වැනි සාධන මට්ටම් මැනීමේ මිමි ඇත .මෙවැනි දේවල් සහ උසස් පෙළ විභාගයේ රසන විද්‍යාව වැනි සංයුක්ත ගණිතය වැනි විෂයන් නිසා හිතට  නිතරම අවිවේකි භාවයක් ඇති වේ.පහත රුප පෙළ නරබන්න මේ මගේ පරිගනකයේ ඇති පසුබිම් පිතුරයි ම මේක තේරීමට හේතුව අර සාමාන්‍යපෙළ පන්තියට  පෙර අවදියේ තිබු ඒ සැහැල්ලු මානසිකත්වය පෙන්වීමටයි



මේ රුපය බලන විට Coding මානසිකත්වය ඉවතට ගොස් හිතට සැහැල්ලු වෙයි.මෙය ඉතාමත් ම ප්‍රථමික මට්ටමේ බොළඳ අදහසක් බව විටක සිතේ  සමහරුන්ද කියයි.නමුත් සිතන්න සංකීර්ණ ලෝකෙක අතරමන් වීමට වඩා ඒ බොළඳ අතීතය කොචර ලස්සනද කියා මන් සරල පැහැදිලි කිරීමක් කෙරනන්ම් හිතන්නේ මේ පිතුරේ දිහා 

චින්තනය පැහැදිලි වෙනසක් ඇති කරාවී

Saturday, May 23, 2015

සමාජ ජාල , සිංහල සහ අපි

මා කුඩා කල තිබු සිහිනයක් විය. ඒ යම් කිසි දවසක පරිගණකයක භාෂාව සිංහලෙන් තිබිමයි.අද ඒ සිහිනය බොහෝ දුරට සැබැ වී ඇත.යුනිකෝඩ් වල ආගමනයත් සමගම ,භාෂා ගොනු (Language Packs) ,පරිවර්තක නොයෙකුත් ආකාරයේ යෙදුම්  පැමිණෙන්ට පටන් ගත්තේ විදුලි වේගයෙනි.

යෙදුම් හැදුනට මොකද අයුබෝවන්ඩ,ඒවා භාවිත කරන්න මිනිස්සු නැති උනාම.
නමුත් අද අපේ සමාජයේ ඇතැම් උදවිය තම මව් භාෂාව සිංහල වීම ගගන කලකිරෙති,පුවත් පත් මාධ්‍ය තුල පලවී ඇති මෙවැනි දැන්වීම් අපෙගේ  සිතුවිල වෙනස් කරයි.විශ්ව භාෂාව ලෙස ඉංග්‍රීසි අපි ඉගෙනගත යුතුය .ඉගනිම ඉතා වටි නමුත් මෙලෙස සිතීමෙන් නොව අපේ විදියට කලකට පෙර රුපවාහිනියේ වෙළඳ දැන්වීමක් පෙන්නු පරිදි අපේ විදියට අපි ඉංග්‍රීසි කතා කල යුතුයි,(Speak English our Way) ඒ මන්ද  කුමන භාෂාවක් වුවද මිනිස් හැඟීම් එකම වීමයයි පහත පින්තුරය නරඹන්න








ඉංග්‍රීසියෙන් සිතීමට ???? අප මෙලොව බිහි වී ඇත්තේ තමන්ට අනන්‍ය වූ භාෂාවකින් සහ සංස්කෘතියකින් ය ඒ දෙයට පිටු පා වෙනස් විදියකට සිතීමකින් අපිට අපිම නැති වෙයි .

මේ බ්ලොග් සටහනේ සිංහල වැරදි ගොඩක් තියෙන බව මා හොඳින් දනිමි ඒ මන්ද සාමාන්‍ය පෙලින් පසු අපෙගේ අද්යාපන රටාව තුල සිංහල ව්‍යාකරණ සහ බාෂාව ඉදිරියට ඉගෙනීමට ඇති ඉඩ කඩ සමාජය විසින්ම නැති කර ඇති බැවිනි.ම මේ උත්සහ කරන්නේ එම වැරදි පුළුවන් තරඟ අවම කරමින් බුද්දිමත් බ්ලොග් රචකයන්ගෙන් උදව් ලබාගෙන මේ ගමන ඉදිරියට යාමටයි


අදට මේ ඇති මේක හදාගන්න සැහෙන අමාරු බව තේරුනේ  අද Design එක සහ මුලික වෙබ් සැකැස්ම



ස්තුතියි


විභාව් යුගපමොද ආටිගල

පිවිසුම

අන්තර්ජාලය යනු  දැලි පිහියකින් කිරි කනවා වැනි දෙයකි. එය හොඳකට භාව්තා කලොත් හොදකටත් නරකට භාවිත කලොත් නරකටත් පෙරලිය හැකි විද්‍යුත් මාධ්‍යකි. කථික හැකියාව සියලන්ටම නොපිහිටයි.ලිවීමද එසේය .නමුත් අප සියල්ලෝම මිනිසුන්ය.තම අදහස් හැඟීම් එකිනක අතර හුවමාරු කිරීම ආදී කාලයේ පටන් මිනිසා තුල තිබු දෙයකි. මා සතු සමාජීය,තාක්ෂණික සහ අධ්‍යාත්මක අදහස් ලෝකය අතර බෙදාදීමට උත්සහ කරන පළමු දිගහැරුමයි මේ පිවිසුම